Site is a work in progress. We work with the garage door up.

මෙවලම්

සිංහල හා දෙමළ අකුරු නිර්‍මාණය කිරීමට, ගොඩනැගීමට සහ අවබෝධ කර ගැනීමට අපේ ස්ටූඩියෝව නිපදවූ විවෘත මූලාශ්‍ර මෙවලම් සහ ප්‍රමිති.

අකුරු සංවර්‍ධනය

වෙබ් යෙදුමවිශේෂිත

සිංහල අකුරු නිර්‍මාණය

සිංහල අකුරු ඇඳීම සඳහා නිර්‍මාණ පර්‍යේෂණ සහ බ්‍රවුසර මෙවලම්: ග්ලිෆ් ඇඳිය යුතු අනුපිළිවෙල, පරතර සහ සංයුක්ත ආකෘති, ග්ලිෆ් සටහන් පරීක්ෂකය, පරීක්ෂණ පෙළ ජනකය සහ අකුරු සංසන්දනය.

බලපත්‍රය: GPL-3.0Sinhala

Glyphs ස්ක්‍රිප්ට්

Mooniak Glyphs ස්ක්‍රිප්ට්

.glyphspackage මූලාශ්‍ර සහ ලකුණු ප්‍රවර්‍ග සැකසීම සඳහා මෙවලම් ඇතුළු, අපේ අකුරු නිෂ්පාදනයේදී භාවිත කරන Glyphs අකුරු සංස්කාරකය සඳහා Python ස්ක්‍රිප්ට්.

බලපත්‍රය: GPL-3.0Sinhala · Tamil

ප්‍රමිති

පිරිවිතරවිශේෂිත

3md

ත්‍රෛභාෂික පෙළ සඳහා විවෘත ප්‍රමිතියක්: ලේඛනයක සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් එකම ගොනුවක පෙළගස්වා ලිවීමට Markdown මත ගොඩනැගූ සරල පෙළ ආකෘතියක්.

බලපත්‍රය: MITSinhala · Tamil · Latin

දත්ත කට්ටලයවිශේෂිත

ලංකා ග්ලිෆ් කට්ටල

ශ්‍රී ලාංකික අකුරු සඳහා ග්ලිෆ් කට්ටල ප්‍රමිතිය: ICTA මට්ටම්වලට ගැළපෙන සිංහල මට්ටම් හතරක් (Kernel, Core, Plus, Pro), දෙමළ ග්ලිෆ් කට්ටලයක් සහ ග්ලිෆ් නම් කිරීමේ ප්‍රමිතියක්.

Sinhala · Tamil

ඉගෙනුම

වෙබ් යෙදුම

කේතන යන්ත්‍රය

පරිගණකය භාෂාව දකින ආකාරය පෙන්වන, Akurugraphy ප්‍රදර්‍ශනයේ අන්තර්‍ක්‍රියාකාරී කියොස්කයක්: සිංහලෙන්, දෙමළෙන් හෝ ලතින් අකුරින් ටයිප් කර, වචනය යුනිකෝඩ් කේත ලක්ෂ්‍ය, හැඩගැසූ ග්ලිෆ් සහ අකුරු රේඛා දක්වා බිඳී යන අයුරු බලන්න.

Sinhala · Tamil · Latin