long | medium | short ||||

ග්‍රැෆික් ඩිසයින් පුළුවන් වීම

graphic-design.jpg graphic-design.jpg

ග්‍රැෆික් ඩිසයින් පසුගිය කාලය පුරාම බොහොම ජනප්‍රිය දෙයක් බවට පත්වුණා.. විජය පරිගණක සඟරාව වගේම බොහොම පොඩි ගානකට කරන්න පුළුවන් ග්‍රැෆික් ඩිසයින් ඩිප්ලෝමා වලින් මේක තවත් ජනප්‍රිය වුණා… ඒත් ගැටලුව තමයි මේ ගැන සිංහලෙන් ලියවුනු දේවල් හැමවෙලේම සීමා වෙලා තියෙන්නේ Tools නැත්නම් පාවිච්චි වෙන sowtwares ගනන් උගන්නන්න මිසක් ග්‍රැෆික් ඩිසයින් වල මූලික මූලධර්ම නැත්නම් theory උගන්නන නෙවයි.

කොටින්ම ඒක නිකන් ගොවිතැන් ඉගෙන ගන්න ආපු එකාට ට්‍රැක්ටරේ ගැන මුල ඉඳන් උගන්නනවා වගේ වැඩක්.. ට්‍රැක්ටරේ නැති උනොත් මිනිහට ගොවිතැන බැරිවෙනවා.. නමුත් ගොවිතැන් වැඩ මුල ඉඳන් ඉගෙන ගන්න කෙනෙක්ට හරකා උනත්.. ට්‍රැක්ටරේ උනත් වෙන ඕනෙම එකකින් උනත් වැඩේ හරියට කරන්න පුළුවන්.

ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ මේ ඔක්කොම නිකන්ම නිකන් සොෆ්ට්වෙයාර් විතරයි. නමුත් ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්නවා කියන්නේ මේවා ඉගෙන ගන්න එක නෙවෙයි. පාට, පිටුවක සකස්වීම (LAYOUT), VISUAL HIERACHY වගේ දේවල් හැමදේකටම කාලයක් තිස්සේ තහවුරු උණු THEORY තියෙනවා.. විශේෂයෙන් මූලික ගෙස්ටල්ට් න්‍යායන් වලින් ඕනෙම කැත ග්‍රැෆික් ඩිසයින් එකක් යන්තම් ලස්සන වෙන්න ගොඩ දාන්න පුළුවන්. පුංචි පුංචි දේවල් ගොඩක් තියෙනවා මේ විදිහට ගොඩ දාගන්න පුළුවන්. මේවා සිංහලෙන් ලිවීම තමයි අවශ්‍ය..